2023 නොවැම්බර් 03 වන දින පෙ.ව.10.00 ට දකුණු පළාත් ගරු ආණ්ඩුකාර විලී ගමගේ මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී සාර්ථකව පවත්වන ලදි.
2023 නොවැම්බර් 03 වන දින පෙ.ව.10.00 ට දකුණු පළාත් ගරු ආණ්ඩුකාර විලී ගමගේ මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී සාර්ථකව පවත්වන ලදි.
මාර /කුමරතුඟු මුනිදස් ජාතික පාසලේ පහ ශ්‍රේණියේ සිසු දරු දැරියන් සහභාගීත්වයෙන් පහ ශ්‍රේණියේ ගුරු මහත්ම මහත්මීන් සහ ප්‍රාථමික අංශයේ ඉංග්‍රීසි භාෂා ගුරු මහත්මීන් විසින් ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් පැවැත්වීමට සැලසුම් කල පරිදි 2022 ඔක්තෝම්බර් 28 වන දින , "KIDS FAIR 2022" ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත්විණි. මෙම වැඩසටහන විද්‍යාලයීය විදුහල්පතිතුමන් විසින් විවෘත කරන ලද අතර ඒ සඳහා නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා ඇතුලු ගුරු මණ්ඩලය මෙන්ම සිසු දරු දැරියන් සහභාගී වී භාණ්ඩ මිලදී ගැනීම් සිදු කරමින් පහ ශ්‍රේණියේ සිසු දරුවන් වෙනුවෙන් සහයෝගය ලබාදුණි.මෙහි විශේෂත්වයක් වනුයේ සියලුම දරු දැරියන් විසින් තම වෙළඳ සබඳතා ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් සිදු කිරීමයි.
"දික්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පාසල්වල සිටින ක්‍රීඩා ජයග්‍රහණ ලබා ගත් සිසුන් සඳහා උපහාර දැක්වීම" පසුගියදා පවත්වන්නට යෙදුණු කලාප සහ පළාත් මලල ක්‍රීඩා තරගාවලි තුලදී මාර/කුමරතුඟු මුනිදස් ජාතික පාසලට ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දෙමින් , පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාවය සහ සහය දිවීමේ බාලිකා ශූරතාවය ලබා ගැනීම සහ මාර /විජිත මධ්‍ය මහ විද්‍යාලය ඇතුලු පාසල් වල තරග ඉසව් සඳහා ජයග්‍රහණ ලබාගත් සිසුන්ට උපහාර දැක්වීම පිණිස , දික්වැල්ල ප්‍රාදේශීය සභා ගරු සභාපති කිත්සර මුතුකුමාරන මැතිතුමා සහ මන්ත්‍රී මණ්ඩලය ද, ලේකම්තුමිය ඇතුලු කාර්ය මණ්ඩල ප්‍රධානත්වයෙන් මෙම උත්සවය 2022 ඔක්තෝම්බර් 22 දින , ඉතා හරසරින් දික්වැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අලි ඇතුන් ප්‍රමුඛ දර්ශනීය පෙරහැරකින් ආරාධිත අමුත්තන් වන , දකුණු පළාත් ආණඩුකාර ආචාර්ය ඩබ්.විලී ගමගේ මැතිතුමන් , දික්වැල්ල ප්‍රාදේශීය සභා ගරු සභාපති කිත්සර මුතුකුමාරන මැතිතුමන් ඇතුලු මන්ත්‍රී මණ්ඩලය , මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඔමිනි මුදලිගේ මැතිතුමන් , මාර /කුමරතුඟු මුනිදස් ජාතික පාසලේ විදුහල්පති ජී.ජී.පද්මශාන්ත මහතා ද, මාර /විජිත මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පති උපුල් රාජසිංහ මැතිතුමන් සහ දික්වැල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී.ටජීව ඉශාන් මැතිතුමන් උත්සව භූමිය වෙත කැඳවා ගෙන යනු ලැබීය. චිරාගත සම්ප්‍රදායික චාරිත්‍රානුකූල පොල් තෙල් පහන දල්වා උත්සව සභාව ආරම්භ කල අතර එයට සහභාගී වූ ගරු ආණඩුකාරතුමන් විසින් අප පාසලට අත්‍යාවශ්‍යම අංගයක් වන දික්වැල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණය අලුත්වැඩියා කර දෙන බවත් , පාසල් සිසුන්ට දිවා ආහාර වේලක් ලබා දීම සම්බන්දවත් එතුමන් විසින් ප්‍රකාශයට පත් කරන ලදි. ඉතා සාර්ථක අන්දමින් පවත්වනු ලැබූ මෙම උත්සවය සඳහා දික්වැල්ල කොට්ථාස භාර ක්‍රීඩා උපදේශක මෙන්ම, අප පාසලේ ක්‍රීඩාව ඔසවා තැබීමට මුල් වූ තරිඳු අල්විස් මහතා ද, විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පතිනිය ලසිකා දිල්රුක්ශි මහත්මිය ද, ටීකා බණ්ඩාරනායක මහත්මිය,නෙලුම් පට්ටිආරච්චි මහත්මිය සහ කසුන් දර්ශන තුඹේහේවා මහතා යන ක්‍රීඩා භාර ගුරු මහත්ම මහත්මීන්ද , නර්තනය විෂය භාර එන්.ඩී.කුමානායක ගුරු මහත්මිය සහ පසිදි තිමිරාරි ගුරු මහත්මිය හා ශිෂ්‍ය භට පුහුණුකරු පුබුදු චින්තක අබේසිංහ ගුරු මහතාද , දික්වැල්ල පොලිස් ස්ථානයේ සැරයන් ජේ.එම්.කවිතිලක මහතාද, අප විද්‍යාලයීය ක්‍රීඩා විරුවන්ද, ඔවුන්ගේ දෙමාපියන් ද, තූර්ය වාදන කණ්ඩායම් සඳහා සහභාගී වූ සියලු සිසු දරුවන්ද,නර්තන කණ්ඩායම් සඳහා සහභාගී වූ සියලු සිසු සිසුවියන් ද,ශිෂ්‍ය භට කණ්ඩායම සඳහා සහභාගී වූ සියලු සිසු දරුවන්ද, ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුලු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එදින සාර්ථකව ක්‍රීඩා විරුවන්ට උපහාර දැක්වීම උත්සවශ්‍රීයෙන් නිමා කරන්නට හැකි විය.
දකුණු පළාත් පාසල් මලල ක්‍රීඩා උළෙල 2022 ,හි ඉතිහාසයේ පළමු වතාවට බාලිකා ශූරතාව හා සහය දිවීමේ බාලිකා ශූරතාව දිනා ගැනීමට දික්වැල්ල මාර /කුමරතුඟු මුනිදස් ජාතික පාසලේ ක්‍රීඩිකාවන්ට හැකි විය. සමස්ත ලංකා සුදුසුකම් ලැබු මාර /කුමරතුඟු මුනිදස් ජාතික පාසලේ සිසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම විදු මව ජයග්‍රහණයෙන් කිරුළු පළදවන්නට මෙසේ සමත් වීය. ●දකුණු පළාත් නව තරග වාර්තාවක් ලෙසින් වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන 1.09.65 ක් වැනි කෙටි වේලාවකින් නිම කල පී.ඒ.ඩබ්.තරනි රන්ශිකා බන්දු ශිෂ්‍යාවද, ● දකුණු පළාත් නව තරග වාර්තාවක් ලෙසින් වයස අවුරුදු 14න් පහළ මීටර් 100 - 13.37 ක් වැනි කෙටි කාලයකින් නිම කල ජේ.සිත්මි ගිමන්‍යා ශිෂ්‍යාව ද නව වාර්තාවන් ගොඩ නගමින් විද්‍යාලයට කීර්තියක් උදා කරදුනි. අනෙකුත් ජයග්‍රහණයන් අතර, ● වයස අවුරුදු 18 න් පහළ බාලිකා මීටර් 100 තරග ඉසව්ව 12.72 කෙටි කාලයකින් නිම කරමින් ප්‍රථම ස්ථානය ආර්.කේ.බ්‍රයිනි අනුජනා ශිෂ්‍යාව (පලාත් වාර්තාව 13.70) ද, ● වයස අවුරුදු 18න් පහළ බාලක තුන් පිම්ම තරග ඉසව්ව 13.87m දුර ප්‍රමාණයකින් නිම කරමින් ප්‍රථම ස්ථානය ජිතේන් හිරුශ ශිෂ්‍යයා ද, ● වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 1500 තරග ඉසව්ව 5.18 කෙටි කාලයකින් නිම කර ප්‍රථම ස්ථානය තරනි රන්ශිකා බන්දු ශිෂ්‍යාව ද, ● වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 800 තරග ඉසව්ව 2.32.2 කෙටි කාලයකින් නිම කරමින් ප්‍රථම ස්ථානය කේ.කේ.අරවින්දි කෞෂල්‍යා ශිෂ්‍යාව ද, ● වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වෙන් ප්‍රථම ස්ථානය එස්.පාරමී පූජනා ශිෂ්‍යාව ද, ● වයස අවුරුදු 14න් පහළ බාලිකා මීටර් 80 තරග ඉසව්ව 10.99 කෙටි කාලයකින් නිම කරමින් දෙවන ස්ථානය ජේ.සිත්මි ගිමන්‍යා ශිෂ්‍යාව ද, ● වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 300 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව 51.6 කෙටි කාලයකින් නිම කරමින් දෙවන ස්ථානය කේ.කේ.අරවින්දි කෞෂල්‍යා ශිෂ්‍යාව ද, ● වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 400 තරග ඉසව්ව 65.7කෙටි කාලයකින් නිම කරමින් දෙවන ස්ථානය කේ.කේ.අරවින්දි කෞෂල්‍යා ශිෂ්‍යාව ද, ● වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 5000 තරග ඉසව්වෙන් තෙවන ස්ථානය සහනි චාරුන්දි ශිෂ්‍යාව ද, ● වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 800 තරග ඉසව්ව 2.33.8 කෙටි කාලයකින් නිමා කරමින් තෙවන ස්ථානය තරනි රන්ශිකා බන්දු ශිෂ්‍යාව ද, ● වයස අවුරුදු 16න් පහළ බාලක මීටර් 800 තරග ඉසව්ව 2.13 ක කෙටි කාලයකින් නිම කරමින් තෙවන ස්ථානය නිසල් සදරුවන් ශිෂ්‍යයා ද, ● වයස අවුරුදු 14න් පහළ බාලක මීටර් 100 තරග ඉසව්ව 13.1 කෙටි කාලයකින් නිම කරමින් තෙවන ස්ථානය හිමාශාන් සෙත්නද පතිරණ ශිෂ්‍යයා ද, ● වයස අවුරුදු 14න් පහළ බාලක මීටර් 80 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව 13.1 කෙටි කාලයකින් නිම කරමින් තෙවන ස්ථානය හංසන නන්දිනු අමරවීර ශිෂ්‍යයා ද, ● වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 4×100 තරග ඉසව්වෙන් ප්‍රථම ස්ථානය බ්‍රයිනි අනුජනා /තරනි රන්ශිකා /හිරුශි ලංකා/ සමාශා සෙව්මි ශිෂ්‍යාවන් විසින්ද, ● වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 4×100 තරග ඉසව්වෙන් ප්‍රථම ස්ථානය පාරමී පූජනා /සහනි චාරුන්දි /පියුමි වාසනා/මල්මි ටජ්මා ශිෂ්‍යාවන් ද, ● වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 4×100 දෙවන ස්ථානය ජනාදි/ සම්මානි/ රශ්මි /අරවින්දි ශිෂ්‍යාවන් ද, ● වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 4× 400 තරග ඉසව්වෙන් දෙවන ස්ථානය තරනි / බ්‍රයිනි /සමාශා /හිරුශි ශිෂ්‍යාවන් ද, ● වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 4×100 තරග ඉසව්වෙන් තෙවන ස්ථානය සමාශා / රශ්මි /අරවින්දි /ජනාදි ශිෂ්‍යාවන් ද, ● වයස අවුරුදු 14න් පහළ බාලක මීටර් 80 තරග ඉසව්වෙන් හතරවන ස්ථානය හිමාශාන් සෙත්නද පතිරණ ශිෂ්‍යයා ද, ●වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 800 සහ මීටර් 1500 තරග ඉසව් වලින් පස්වන ස්ථානය සහනි චාරුන්දි ශිෂ්‍යාව ද, ● වයස අවුරුදු 14න් පහළ බාලිකා මීටර් 4×100 තරග ඉසව්වෙන් පස්වන ස්ථානය සිත්මි ශෙහාරා/ සයුමි ශෙහාරා/ටශ්මිනි/ අපූර්වි ශිෂ්‍යාවන් ද, ● වයස අවුරුදු 14න් පහළ බාලක මීටර් 4×100 තරග ඉසව්වෙන් හතරවන ස්ථානය කාව්‍ය /හංසන /නිම්න/හිමාශාන් ශිෂ්‍යයන් ද, ● වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 400 තරග ඉසව්වෙන් හයවන ස්ථානය පාරමී පූජනා ශිෂ්‍යාව ද ● වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 300 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වෙන් හයවන ස්ථානය රශ්මි චේතනා ශිෂ්‍යාව ද, දිනා ගනිමින් මෙවර දකුණු පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාවය සහ සහය දිවීමේ බාලිකා ශූරතාවය දිනා ගැනීමට මොවුන් ජයග්‍රහණ එක් කරන ලදි. බාලක තරග ඉසව් සඳහා ලකුණු 8 ක් සහ බාලිකා තරග ඉසව් සඳහා ලකුණු 68 ක් ලබා ගනිමින් මෙකී ඓතිහාසික ජයග්‍රහණය දිනා ගැනිමට තරග කල, දකුණු පළාත් මලල ක්‍රීඩා තරගාවලිය තුල ගාල්ල කලාපය අනුශූරතාවය බවට පත් කරමින් මාතර කලාපය වෙත කලාප ශූරතාවය ගෙන ඒමට ලැබූ ලකුණු 473.5 සඳහා ලකුණු 76ක දායකත්වයක් ලබා දීමට සමත් විද්‍යාලයීය ක්‍රීඩක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්, දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ථාසය භාර ක්‍රීඩා පුහුණු උපදේශක තරිඳු ධනංජය අල්විස් මහතාටත්, විද්‍යාලයීය ක්‍රීඩා භාර ගුරු මහත්ම මහත්මීන්ගේ සහ පුහුණුකරුවන්ගේ කැපවීම සඳහා විද්‍යාලය වෙනුවෙන් විදුහල්පතිතුමන් සුභාශිංසන මෙසේ එක් කර සිටී.